Sunday 19th of May 2024

English Tamil
Advertiesment


කපටි නරියා හමු වී හිටං නැගූ අදෝනා


2024-04-06 1353

 

රනිල් වැල් පාලමෙන් ඒදණ්ඩට මාරු වේ 

 

දිනා ගනිමින් සිටින ජයග්‍රහණ රැක ගන්නාවා ද, යළි ප්‍රපාතයට ඇද වැටෙනවා ද..? තීන්දුව ජනතාව අතේ..!

 

"රනිල්ට ඉඩ දෙන්න" රට පුරා යතුරු පැදි මෙහෙයුමක්

 

ශ්‍රීලනිප නායකත්වයට නම් තුනක්

 

"ගිණි ගත් රට නිව්වේ අපි වුණාට ත්‍රීවිල් මල්ලිලා මාළිමා Photo ගහගෙන යනවා"

 

හොඳම ටෙලිනාට්‍යට හිමි සම්මානය පාර්ලිමේන්තුවට

 

සජබ කාවින්දගේ නිවසේදී නරියා ඇඔරූ ගුලි

 

නරියාට "Game" දෙන්නට ආ ගුරුන්ට අකුරු වරදියි 

 

විවාදය මඟ හරින මෙහෙයුම වාතවී මාළිමාව ඇතුළේ කචල්

 

මාළිමාව රට හදන හැටියි අන්දරේගේ කරට ගල උස්සා තැබීමයි දෙකම එකයි

 

විවාදයේදී සජිත් ඉංග්‍රීසියෙන් පැහැදිලි කළොත් මාළිමාව අනාථයි

 

අනුර කුමාරගේ ජනපති අභියෝගයේ තරම ගැන සුජිත් මංගලගේ සංඛ්‍යා දත්ත විග්‍රහය

 

වොෂින්ටන් සහ කොළඹ යා කරන ඇමෙරිකන් මහින්දගේ මෙහෙයුම

 

හැප්පුණු නැවේ අහිත කර ද්‍රව්‍ය තිබුණාද..? සියලු තොරතුරු වොෂින්ටන් තානාපති අංශ අතට..!

 

ජනපති e කොළම

 
 
(අශෝක ජයතුංග ඇමරිකාවේ සිට)

 


මෙතෙක් වැල් පාළමේ ගිය රනිල් දැන් ඒදණ්ඩට මාරුවී තිබෙනවාදැයි සිතෙන තරම්ය. "නිවැරදි තීන්දු නිසා ආර්ථිකය නිවැරදි මඟට වැටී රට ශක්තිමත් වෙලා. දැන් අපට බැන බැන හරි කාටත් දේශපාලනය කළ හැකියි. ආර්ථිකය තාම ඒදණ්ඩේ නිසා එම වැඩ පිළිවෙළ ජයග්‍රහණය තෙක් ගෙන යනවා ද, ඉන් ඉවත්වී යළි ප්‍රපාතයට වැටෙනවදැයි තීන්දු කළ යුත්තේ ජනතාවයි" රුපියල් ලක්ෂ 3650 ක වියදමින් මහල් 05 ක මැණික් කුළුණ රත්නපුරේදී විවෘත කරමින් රනිල් කීවේය.

"මම භාර ගත්තෙ ගිණි ගත්ත රටක්. අපි ඒක නිව්වම ත්‍රීවීල් මල්ලිල දැන් මාළිමාවෙ Photo ගහගෙන දුවනවා" රනිල් කීවේ  කින්ඩියටය. "කලගුණ නොදත් අයට එහෙම තමයි දෙන්න ඕන" අයෙක් කීවේ රහසිනි.

මෙහි දෙවන අදියර තට්ටු 14 කි. දැනට මැණික් ව්‍යාපාර ස්ථාන 27 ක් තිබෙන අතර ඉන් 10 ක් විදේශවලට ය. "මැණික් නැති හොංකොං වසරකට ඩොලර් බිලියන 12 ක් හා තායිලන්තය 06 ක් උපයනවා. මුලින් වසරකට ඩොලර් බිලියන 02 ඉක්මවීම අපේ ඉලක්කයයි" ඇමති රමේශ් කීය.

බංකොලොත් රටේ ආර්ථිකය හදන්නට වළිකන රනිල් රෑට  "Netflix" තුළින් චිත්‍රපට නරඹයි. ගී ශ්‍රවණය කරයි. එසේ රහසේ කලාවට ආදරය කරන ඔහු රයිගම් සම්මාන දෙන්නට ගියේය. "හොඳම ටෙලිනාට්‍ය සම්මානය දෙන්න ඕනෑ මැතිසබේ විකාශයටයි" ඔහු ඇත්තම කීවේ සියලු දෙනා බඩ අල්ලා සිනාසෙද්දීය.

ඉරිදා කපටි නරියා සජබ වෛද්‍ය කාවින්දගේ නිවසට ගියේ පාස්කු කෑමකටය. ඊට කුරුණෑගල හා කෑගල්ල සජබ මන්ත්‍රී දෙදෙනෙක්ද එක්විය. දේශපාලනය ආර්ථිකය හා මැතිවරණ ගැන ද බොහෝ දේ කතාබහ කරද්දී ගුලියක් ඇඔරුවාදැයි දන්නේ ඔහුය. පසුදා ගාසා හි දරුවන්ට එකතු කළ ඩොලර් මිලියනයක් ප්‍රධානය කළ රනිල් ලාංකීය මුස්ලිම් දරුවන්ගෙ ගැටලු ගැනද ගැඔුරු කතාබහකට එක්විය.

"එජාප කලාප සංවිධායකලා 1000 ක් පත් කරනවා. මැයි දිනේට එක්කෙනෙක් 60 ක් ගේනවා. "රනිල්ට ඉඩ දෙන්න" තේමාව යටතේ රටපුරා මෝටර් සයිකල් චාරිකාවකුත් යනවා" රංගෙ කීවේ එජාප කළමනාකරණ කමිටුවේදීය."පළි ගැනීමට ලක්වූ එජාප පාක්ෂිකයින්ගේ කැබිනට් පේපර් දැම්මා. දැන් එයාලට තොරතුරු දෙන්න කියන්න" රනිල් කීය.

ආයෝජන සම්මාන උළෙලක් මෙරට මුල් වරට පැවතියේ දිනේෂ් වීරක්කොඩිගේ දැවැන්ත කැපවීමෙනි. මෙතෙක් රටට විශාලම මෙහෙයන් ඉටු කළ ආයෝජකයන්ට සම්මාන පිරිනැමිණ. කෘෂි හා සංචාරක ක්ෂ්‍රේත්‍ර ගැන තිබු සාකච්ඡාවකදී යාල ගැන ද කතා විය.

"ඔබතුමාගේ යහළුවා සජිත් හැමදාම යාල කොටි බලනවා. ඒත් එතන ප්‍රශ්න කතා කරන්නෙ නෑ" අයෙක් කීය. "අපි එතුමට දිගටම කොටි බලන්න යාල පහසුකම් හදනවා. එතකොට කතා කරාවි" කපටි නරියා කීවේ ඇඟට නොදැනීය.

බස්නාහිර ගුරු පත්වීම් දීම අරලියගහ මැදුරේදී පවත්වන උත්සවයට ජනපති ගිය විට "රට ගිණි තියන පක්ෂයක උපදෙස් පිට ජනපතිට විරෝධය දක්වන "WhatsApp" මෙහෙයුමක් යන බවට සමන් ඒකනායකට තොරතුරු ලැබිණ. ජනපති වේදිකාවට එන විට නොනැගිටීම ඉන් අඟවා තිබුණ ද 90%ක් ඒ අනුව ක්‍රියා කළේ නැත. කිහිප දෙනෙක් එම ක්‍රියාව කළ ද සෙසු අයගෙන් ඊට විරෝධය පළ විය. "ඔයා පංතියට ගියාම දරුවොත් ඕක කළොත් මොකද වෙන්නේ. අපි ගරු කරන්නේ පුද්ගලයෙකුට නෙවෙයි රාජ්‍ය නායක තනතුරටයි" පිරිසක් කෑ ගසද්දී වාඩිවී සිටි කිහිප දෙනාද හිමින් සීරුවේ නැගිට්ටේය.

බදාදා මැති ඇමති පිරිසක් ජනපති හමු වූහ. "සජබ ආර්ථික කමිටුවෙන් මාළිමා කමිටුවට Challenge කළා. අපි රට හදන වැඩ පිළිවෙළ එතනදි කියනවා. මාළිමාවේ වැඩ පිළිවෙළ හෙළි කරලා සංවාද කරමු කිව්වම මාළිමාවේ ආර්ථික ඔස්තාර්ල බය වෙලා ඒක අනුරගෙ ඇඟේ පැටෙව්වා. ඒකට ඇතුළේ කචල් කියලත් ආරංචියි" එහිදී හෙළි විය.

"සජිත් වැඩේ භාර ගෙන. ඔය දෙන්න සංවාදෙ කළොත් ඒක මාරෙට නැගල යාවි. මොකද දෙන්නගේ බර වචන කාටවත් තේරෙන්නෙ නෑනේ. අනික සජිත් සමහර තැන් ඉංග්‍රිසියෙන් පැහැදිලි කළොත් අනුර හිර වෙනවා කියන ප්‍රශ්නයකුත් ඇති" අයෙක් කීවේ සිනාමැදය.

"ITN එකටත් මේ විවාදෙ ලයිව් දෙන්න කියල සුදර්ශනට කියන්න" රනිල් කිවේ සාගල ටය. "සර් නම් සජිත් එක්ක වාදෙට යන්න එපා" ඇමති චාමර කීවේ මැණික් කුළුණ උත්සවයේදීය. "මට නෙවෙයි සජිත්  අනුරටයි Challenge කරල තියෙන්නෙ. ඒක විපක්ෂයේ ප්‍රශ්නයක්" නරියා කීවේ උපහාස ටෝන් එකෙනි.

හිටං නරියාට කණපින්දම් කියා හමුවක් දාගත් බවත්  හිටං තම දේපාලන හා නීතිමය ගැටලු ගැන අදෝනා කී බවත් නරියා "හ්ම්..හ්ම්" කියමින් රඟපෑවේ ඇහුම්කම් දෙන්නාගේ චරිතයට බවටත් ගොසිප් පැතිරෙමින් තිබේ.

රත්නපුරෙන් පිට වන විට ජනපතිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් ගෙන් ඇමතුමක් ලැබිණ. "මෛත්‍රීපාලගේ ශ්‍රීලනිප සභාපතිකමට තහනම් නියෝගයක් දාලා" දිනිත් කීය. ජනපති ශ්‍රීලනිප කිහිප දෙනෙකුට කතා කොට  සිදු වන්නේ කුමක්දැයි විමසීය. "ශ්‍රීලනිප සභාපතිකමට චන්ද්‍රිකාගේ, නිමල් සිරිපාලගේ අමරවීරගේ නම් යෝජනා වෙලා" එවිට කපටි නරියා කීවේ "හ්ම්" කියාය.

බ්‍රහස්පතින්දා ජනපති මුදල් අමාත්‍යාංශයට ආවේය. "මාළිමාව රට ගොඩදානවා කියනවා. කරන ක්‍රමය කියන්නෙ නෑ. ක්‍රමය එයාලත් දන්නෙ නැති නිසයි සජබ Challenge එකේදි හිර වෙලා ඉන්නෙ" මහාචාර්ය ආශු කීවේය. "ගල අයින් කරන්න නම් ඒක උස්සලා කරෙන් තියන්නැයි අන්දරේ කියපු කතාවමයි මාළිමාව කියන්නේ. අනික ජවිපෙ කාඩර් එක පතුරන බොරුවලට උත්තර දෙන එකත් මදි බව මිනිස්සු කියනවා" අයෙක් කීය.

"කුරුණෑගල පොල් ඉඩමක් පෞද්ගලික විශ්ව විද්‍යාලෙකට දුන්නම පොල් වත්තෙ වැඩ නැති වෙනවා කියල ජවිපෙ ඒ මිනිස්සු කුලප්පු කරලා. විශ්ව විද්‍යාලෙ හදන කොටයි හැදුවමයි ගමට වෙන දියුණුව ජවිපෙ හංගනවා. රට හැදිල මිනිස්සු දියුණු වෙනවට අකමැති මෙහෙම කුහකයො ටිකක්" ආශු කීවේ මළ පැනලාය.

"අනුර කුමාරගේ ජනපති අභියෝගයේ තරම ගැන විශ්ව විද්‍යාල මහාචාර්යවරුන් කණ්ඩායමක් කළ වටිනා සංඛ්‍යා දත්ත විග්‍රහයක් සුජිත් මංගල ද සිල්වාගේ "lankanewsweek" වෙබ් අඩවියේ තිබුණා. ඒ සංඛ්‍යා දත්ත විග්‍රහයට අනුව 3.16%ක ඡන්ද පදනමක සිටින මාළිමාව සහ අනුර කුමාර ජනපතිවරණය ජය ගන්න නම් සිය ඡන්ද පදනම 1482%කින් හෝ 14 ගුණයකින් වැඩි කර ගත යුතුයිලු. එහෙම වෙනව නම් ඉතිං බස්නාහිරින් ඉර පායාවි" ජනපති උපදේශකයෙකු කී විට කපටි නරියා නළල රැලි ගැන්වීය.

ඇමෙරිකන් මහින්ද ලංකාවට පැමිණ ජනපති ද හමු විය.එහිදී බොහෝ දේ කතා විය. "මම වොෂින්ටන් නගරාධිපතිනි හමු වෙලා කොළඹයි වොෂින්ටනුයි අතර සහයෝගිතා ගිවිසුමක් ගහන්න පදනම දැම්මා" ඇමෙරිකන් මහින්ද කීවේය. "ඒක වටිනම වැඩක්. තව Push කරන්න" ජනපති කීය.

"මේයර් හා DC බිස්නස් ඩෙලිගේෂන් එකක් ලංකාවට ගේන්නත් ඇය එක්ක කතා කර ගෙන යනවා" මහින්ද කීවේය. "Excellent" රනිල් කීවේ ඇමෙරිකන් මහින්ද අගයමිනි.

වොෂින්ටන් ආශ්‍රිත බල්ටිමෝර් පාලමේ ගැටී අනතුරට පත් ලංකාවට යමින් තිබූ නැවේ සිටි ලාංකික නැවියා සමග කතා කිරීමට තානාපති නිලධාරීන් සමත්ව තිබේ. තවද නැව තුළ පරිසරයට අහිත කර ද්‍රව්‍ය තිබුණාද යන්න ගැනත් ඇමෙරිකාවේ අදාළ ආයතන සමග සංවාදයක් ද අරඹා තිබෙන අතර බොහෝ විස්තර ලැබෙමින් පවතී.


 

Advertiesment